Tuesday, January 24, 2012

දළදා හාමුදුරුවනේ......

මේකත් කලින් ඒවා වගේම තමා සත්‍ය සිදුවීමක්........
මේ සිද්ධිය උනේ අදින් හරියටම අවුරුදු 14කට කලින් දවසක.
ඒ දවස් වල මම පොඩි කොල්ලා. LTTE ත්‍රස්තවාදි කලබලත් සැහෙන්ඩ තිබ්බ කාලයක් මේක. එහෙම කියලා නැ අපේ රටේ ඇත්තෝ පනස්වෙනි නිදහස් සමරුව මහනුවර තියන්ඩ ගජරාමෙට ලකලෑස්ති වෙනවා. දළදා මාලිගාවත් ඇතුළුව මුළු මහනුවරම එකම පාටකින් පාට කරන්ඩයි අපිව පාලනය කරන ඇත්තොන්ගේ ලැස්තිය. ලැස්තිය විතරක් නෙවේ එහෙම කරා. මුළු නුවරම දැන් සුදු පාටයි.

ඔන්න අදින් හිරයටම අවුරුදු දාහතරකට කලින් අද වගේ දවසේ උදේම. මම තාම නිදි ඇදේ නින්දෙත් අඩ නින්දෙත් වගේ පෙරලිලා ඉන්නවා. එකපාරටම
බුම්...................
මහා ලොකු සද්දයක් විදිහට ඇහුනේ නැතත් ජනෙල් කිටි කිටි ගාන සද්දේ හොදට ඇහුනා..
"මල කෙළියයි මාලිගාවට වත් ගැහුවද..?"
එක පාරටම හිත ආපු සිතුවිල්ල උනත්. ඒ හිටිය විදිහටම හිටියා මිසක් නැගිට්ටුනේ නම් නැ...

ඒකෙන් විනාඩි පහක් යන්ඩ කලින්..
"අයියෝ..... මාලිගාවට කොටි ගහලා ලු..."
මිනිස්සු පාර දිගේ එහාට මෙහාට යනවා.. ඔය අස්සේ කට කතා අංශයේ වැඩ කටයුතු කරන උදවිය "තාම වෙඩි තියාගන්නවා ලු.." , "කොටි සෑහෙන ගානක් ඇවිල්ලා ලු.."

මට මතක විදිහට ඒ දවස්වල ඔය දැන් වගේ අධෝ වාතයක් ගියත් breaking news ගියෙ නැ. TV එකක් දාගෙන ඉතිං සැහෙන වෙලාවක් බලං ඉන්නවා විස්තර බලන්ඩ. එතකං කට කතා අංශයේ ප්‍රවෘත්ති තමා..

කෙසේ හෝ වේවා මෙච්චර විශාල පිපිරීමකින් වත් දළදා හාමුදුරුවන්ට අබමල් රේණුවක් තරම්වත් හානියක් කරන්ඩ ම්ලේඡ්ච කොටි ත්‍රස්ස්‍තයන්ට හැකිඋනේ නැ.

ඔබට දළදා හිමි සරණයි....


2 comments:

  1. ම්ම් ඒකත් එහෙමද??

    ReplyDelete
  2. කට කතා තමයි ගොඩක්ම වේගවත් සන්නිවේදන ක්‍රමය !

    ReplyDelete