Wednesday, November 23, 2011

එක දවසක් හැන්දැවක

දවසක් යාළුවෙක් call කරලා කියපි
"හුගදවසකින් සෙට් උනෙත් නැනේ මචං හෙට වරෙන් ටිකක් කතා කර කර ඉන්ඩ "
ඔන්න ඉතිං මාත් ගියා කියමුකෝ. කාලෙකට පස්සේ යාළුවෝ තුන් දෙනෙක් හම්බුනාත් කියමුකෝ. ඔන්න
කට්ටියම හරි බරි ගැහිලා ඉදගෙන අර හැමෝටම එන්ඩ කියපු එකාම කතාව පටන් ගත්තා. "අපිට හුග දවසකින්
සෙට් වෙන්ඩ බැරි උනානේ යමුද ට්‍රි.."
ට්‍රී......ං ට්‍රී......ං
උගෙ ෆෝන් එක වදිනවා. අපි එතනින් එනකංම ඌ කතා කරන වචන 5ක ට සැරයක් කෝල් එකක් එනවා.
හරියට දෙරණ නාලිකාවේ නාට්‍යක් බලනවා වගේ නාට්‍ය විනාඩියයි දැන්වීම් විනාඩි පහයි.

අපි මිනිහා කෝල් කරන දිහා බලන් ඉන්ඩයැ තව එකෙක් කතාවක් පටන් ගත්තා. ඌගෙ හැම කතාවක්ම ඉවර
වෙන්නේ කණුවකින්. හරියට අර මැක්කාගේ කතා වගේ. පොල් ගහ ගැන කතා කරත් ඉවර වෙන්නේ
මැක්කාගෙන්.

අනිකට බිස්නස් බිස්නස් මට මතක විදිහට ඌ බිස්නස් කියන වචනේ හතලිස් පාරකට වඩා කියන්ඩ ඇති.

ඔය අව්අස්සේ මාතෘකාවක් නැතුව හිටපු මට කැමරාවක් හම්බුනා. :D

"අපි දැන් යමු නේද මචං" කට්ටියම කියපි

1 comment:

  1. ඒ කොල්ලගේ කතා සෙට් එකකුත් ලිව්වා නම් තමා ගති !!
    කියපු විදිහෙන්ම කොයිවගේ එකෙක් ද කියලා හිතාගන්න පුලුවන්.

    ReplyDelete