Thursday, October 20, 2011

අප්පච්චී....................

තඹ පාට කොන්ඩ කරල් දෙක
ගැටගැහුව රතු පටිය
සිදුරු උන සෙරෙප්පුව
රකින පා යුවල
බොර පාට සුදු ගවුම
නමට පමණක් සුදු උන
ගිනි අව්ව මැද
අකුරට යන දිහාව
බංකරේ ඉදන්
හැඩ බැලුව
නුඹේ කම්මුල් දිගේ
කදුලක් ගලා ගියේ
ඇයි අප්පච්චී..
සිහි උනාද
නුඹෙ දෝණී....................

2 comments:

  1. ලස්සන කවි සිතුවිල්ලක් !!!

    ReplyDelete
  2. දෑත ගෙන රුදු අවිය
    නපුරු සිත සතුරු වෙත
    සොඳුරු සිත් දරුන් වෙත
    සෙනෙහෙබර පියාණෙනි
    රටම ණය ඔබ වෙතට....
    සංවේදී කවි සිතුවිල්ල.....

    ReplyDelete