Sunday, October 16, 2011

මරණය දැන සිටි මිනිසෙක්...

මේ කතාවේ එන කතා නායකයා මගේ ඥාති වරයෙක් වීම නිසා මෙහි එන සුළු සුළු සිදුවීම් ද මා හොදාකරව දනිමි. අනෙක මෙහි එන සිදුවීම සත්‍ය සිදුවීම් බවත් දන්වනු කැමැත්තෙමි.

මොහු නැදැ කමට මගේ බාප්පා කෙනෙක් වන අතර ගමේ සියලුම දෙනා හදුනා ගත්තේ නිළමේ මමා ලෙසය. කලින් සෙලින්කෝ ආයතයේ සේවය කල බාප්පා සෙලින්කෝ හුට පටයෙන් පසුව රැකියාව වශයෙන් කලේ ගොවිතැනයි. ඉතා අහිංසක මිනිසෙකු වන නිළමේ බාප්පා අව්‍යාජ මිනිසෙකු බව ද සදහන් කල යුතුමය. උදේ වරුවේ පැය දෙකක් පමණ පාර අයිනේ තනා ගත් අටිටාලක (අපි නම් කීවේ නිළමේ බාප්පාගේ ෆුඩ් සිටිය කියලාය) එලවළු විකුණන මොහු එම පැය දෙක අවාසනයේ ඉතිරිවන සියල්ල ගම්මු අතර නොමිලේ බෙදා දී නැවතත් වගා භුමියට පිටත්වෙයි. කිරි එළදෙනක් ඇති කලද කිසිම දවසක කිරි විකුණු බවක් මා නොදනී.

අනාවැකි පෙන්වීම ආරම්භ වන්නේ තමන්ට තනියම නුවර යැමට අවශ්‍ය බව පවසමින්ය. දිනෙක බැංකුව වෙත පැමිණෙන ඔහු තමන් සතු සියලු ගිණුම් පවුලේ උදවියට මුදල් ලබා ගත හැකි ආකාරයට සකස්කොට තිබේ. නැවත නිවසට පැමිණි මොහු තමන් සතු කිරි එළදෙන වෙනත් අයෙකුට රැකබලා ගන්නා පොරොන්දුව පිට නොමිලේම ලබා දී තිබේ. මෙසේ දෙන්නේ ඇයිද විමසූ විට
"මේවා ආයේ කවුරු බලා ගන්ඩද? "
ඔහුගේ පිලිතුර වී තිබේ.

අනතුර සිදුවීමට පෙර දින, මුළු නිවසම පිලිවලකට සකස් කරන මොහු තමාගේ කිරි එලදෙණගෙන් ලබා ගත් අවසන් ගොම පිඩ ගා ලිප ද සකස්කර තිබේ.

අනතුර සිදුවන දින තම බාල පුතා පාසල් යන්නට සැරසෙන විට
"චූටි පුතේ උඹට අද ස්කෝලෙ යන්ඩම ඕනද..?"
යැයි අසා තිබේ. එවිට පුංචි අම්මාගේ මැදිහත් වීම නිසා චූටි පුතාට පාසල් යන්න ට සිදුවී ඇත. පසුව පිහියක් පමණක් උපයෝගී කරගෙන බංකු තුනක් සාදා තිබේ.
"ගෙදර හතර දෙනෙක් ඉද්දි මොකටද බංකු තුනක්, ලොකු පුතා නිවාඩුවට ආවාම තරහා වෙයි"
"නැ මට ආයෙ බංකු ඕන නැ " පිලිතුර වී තිබේ.

ඉණිමගක නැග වහලය සකස් කරන්ට යැමේදී ඉණිමග කැඩී බාප්පා බිම ඇද වැටී අනතුරට ලක්වෙයි.

තනිව මහනුවර ඒමට අවශ්‍යයි පැවසු පුද්ගලයා. කෑගල්ල රෝහලටත් එතනින් මහනුවර රෝහලටත් පැමිණේ. මහනුවර රෝහලේ දැඩිසත්කාර එකකයේ ඇතිවු ඇදන් හිගකම නිසා නැවතත් කැගල්ල රෝහලට රැගෙන යන නිලමේ බාප්පා එහිදී අවසන් හුස්ම හෙලීය.

අව්‍යාජ, අහිංසක මිනිසෙකු වු නිළමේ බාප්පේ ඔබට නිවන් සුව........!

1 comment:

  1. මම නුගේගොඩ පැත්තෙ රැකියාව කරන කාලයේ හමුවුන හොදම යාලුවෙක් හිටියා මොහාන් කියල. හොද ටැලන්ට් එකක් තිබුන කොල්ලෙක්. ටෙලිනාට්‍ය කිහිපයකත් රගපෑව. මෑන් පොඩි කාලයේ ඉදන්ම කියනවලු අවුරුදු 35යි මම ඉන්නෙ කියල. ඒකාලෙ අපිත් එක්කත් ඔය කතාව නිතරම කියනව මට මතකයි. අපි යාලුවො කට්ටිය මේක කියන කියන වාරයක් පාසා විහිලුවකට අරගෙන මිනිහව බයිට් කලා.. මීට මාස දෙකකට කලින් මට හදිසියෙම වෙනත් යාලුවෙක් කෝල් එකක් දීල කිව්ව මොහාන් මැරුණ කියල.. මම හිතුවෙම ඒපාර මුන් සෙට්වෙලා මාව බයිට් කරනව කියල.ඒත් කොයිකටත් මම පොඩ්ඩක් ලංකාව පැත්තෙ විපරමක් දාල බැලුව. දෙයියනේ කතාව ඇත්ත... හදුනාගන්න බැරි ලෙඩක් හැදිල කලුබෝවිල ඉස්පිරිතාලෙදි නැතිවෙනකොට එයාගෙ වයස හරියටම 35යිලු. මටත් තාමත් ගැටලුවක් කොහොමද මෙහෙම දේවල් වෙන්නෙ කියන එක!!

    ReplyDelete